Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2017 10:19:37 Hours

වරණි පෙර පාසල් ළමුන් පලාලි ගුවන් තොටුපලේ සහ කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ සංචාරයක

යාපනය ප්‍රදේශයේ ස්ථාපිත කරම්පකුරිච්චි පෙර පාසල මඟින් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස සෙනසුරාදා (31) දින එම පෙර පාසලේ ළමුන් කණ්ඩායමක් වෙත පලාලි ගුවන් තොටුපලේ සංචාරය කිරීමට එම මුලස්ථානය මඟින් අවස්ථාව උදාකරදෙන ලදි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් යාපනය ප්‍රදේශයේ සිවිල් ජනතාව සමඟ හොඳ හිත, අවබෝධය සහ සංහිඳියාව ඇතිකිරීමේ අරමුණින් එම ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ සම්බන්ධිකරණයෙන් එම අවස්ථාව සලසාදෙන ලදි.

ඔවුන් මීට පෙර කිසිදා නරඹා නොමැති මෙම ස්ථානවල සංචාරය කිරීම සඳහා ළමුන් 33 ක්, ගුරුවරුන් 04 ක් සහ දෙමාපියන් 10 ක් එක්ව සිටියහ.

මෙම සංචාරය අවසානයේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මෙම ළමුන් වෙත ත්‍යාග පාර්සල් ද පිරිනමන ලදි. එමෙන්ම, ඔවුන් සඳහා අවශ්‍ය ආහාර පාන ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සපයනු ලැබීය.

ඉන්අනතුරුව, කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ සංචාරය කළ අතර, එහි නවතා තිබූ නැව් සහ බොට්ටු ද නරඹන ලදි.

මෙම සියලු සත්කාර ලබාදීම පිළිබඳව ගුරුවරුන් සහ දෙමාපියන් විසින් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය වෙත සිය ස්තුතිය ද පුදකළහ.

Nike Sneakers Store | Nike Air Force 1 , Sneakers , Ietp STORE