Header

Sri Lanka Army

Defender of the Nation

02nd January 2017 09:32:11 Hours

වැලිකන්ද දහම් පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස බම්බලපිටිය වජිරාරාම දහම් පාසලේ කුසල් දසරත් ද සිල්වා මහතාගේ සංවිධායකත්වයෙන් ආර්ථික දුෂ්කරතාවයන් සහිත වැලිකන්ද අසේලපුර ජයසේකරාරාම දහම් පාසලේ සිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදීම ඉරිදා (25) දින සිදුකෙරිනි. මේ සඳහා දායකත්වය විපුල දසනායක මහතා සහ දර්ශනි මහත්මිය විසින් ලබාදෙන ලදි.

ලිපිද්‍රව්‍ය, පාසල් බෑගයක් සහ සපත්තු යුවලක් සහිත මෙම එක් ත්‍යාග පාර්සලයක වටිනාකම රුපියල් 3500/= ක් පමණ වන අතර, මෙම ත්‍යාග පාර්සල්වල මුළු වටිනාකම රුපියල් 400,000/= වේ. මියගිය සිය පියාණන් වෙත පිං පැමිණවිම වෙනුවෙන් මෙම ත්‍යාග පාර්සල් ලබාදීම සිදු කෙරිනි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති සහභාගි වූ අතර, වැලිකන්ද ශාසන බලමණ්ඩලයේ හිටපු ලේකම් පූජ්‍ය රාහුල ස්වාමින් වහන්සේ සහ වැලිකන්ද ජයසේකරාරාමයේ විහාරාධිපති පූජ්‍ය මාතලේ විචිත්‍රාලංකාර ස්වාමින් වහන්සේ ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Asics shoes | nike air force 1 shadow , eBay