Header

Sri Lanka Army

Defender of the Nation

30th December 2016 10:24:09 Hours

68 වන සේනාංක භට පිරිස් මුලතිව් සිවිල් වැසියන් සමඟින් නත්තල් උත්සවය සමරයි

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංක භට පිරිස් ඉරිදා (25) දින මුලතිව්හි දී නත්තල් උත්සවය සමරන ලදි.

ඒ අනුව, උදයාර්කට්ටු, සුදන්දිපුරම්, වෙල්ලමුල්ලිවයික්කාල් සහ ඉරනපලෙයි ප්‍රදේශවල සරසන ලද රථයක් මඟින් නත්තල් කැරොල් ගීත ගායන කරනු ලැබු අතර, නත්තල් සීයා මඟින් තෑගී බෝග ලබාදීම ද සිදු කරන ලදි.

මුලතිව් ප්‍රදේශයේ අලංකාරවත් නත්තල් ගස් නිර්මාණය කිරීම හා ක්‍රිස්තුස් වහසේගේ ඉපදීම පිළිඹිබු වන ගවමඩු සකස් කිරීම ද ඔවුන් විසින් සිදු කෙරිනි.

තවද මෙහි සියලු කටයුතු මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපතිගේ උපදෙස් මත 68 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ පුර්ණ අධික්ෂණය යටතේ පැවැත්විය.

7 වන ගැමුණු හේවා බලකා භට පිරිස් විසින් නත්තල් උත්සවය වෙනුවෙන් උදයාර්කට්ටු භාරති විද්‍යාලයේ ළමුන් 40 ක් වෙත පොත්පත් හා සෙල්ලම් භාණ්ඩ ද, ගුරුවරුන් සඳහා සාරි ද ලබාදෙන ලදි.

සුදන්දිපුරම් විද්‍යාලයේ ළමුන් 40 ක් වෙත පොත්පත් හා සෙල්ලම් භාණ්ඩ ද, ගුරුවරුන් සඳහා සාරි ද ලබාදීම 16 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සිදු කෙරිනි.

එම ත්‍යාග ලබාදීම සඳහා මෙරිට් පදනම අනුග්‍රහය දැක්විය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් නත්තල් කැරොල් ගීත ගායනා කරන ස්ථාන වෙත පැමිණ සිටයහ.

තවද, දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයින් 04 ක් තෝරා පාපැදි පරිත්‍යාග කිරීම ද මෙහිදි සිදු කෙරිනි.

Best jordan Sneakers | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD