Header

Sri Lanka Army

Defender of the Nation

30th December 2016 10:25:32 Hours

නැගෙනහිර භට පිරිස් සඳහා ‘ජීවිතය සාර්ථක කර ගැනීම’ පිළිබඳ වැඩමුළුවක්

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ මඟපෙන්විම යටතේ එම මුලස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් ‘ජීවිතය සාර්ථක කර ගැනීමට හේතු ’ මැයෙන් වැඩමුළුවක් දෙසැම්බර් මස 23 සහ 24 යන දිනයන්හි එම මුලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

මෙම වැඩමුළුවේ පළමු දිනය නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ පිහිටි සේනාංක, බලසේනා සහ ඒකකයන්හි නිලධාරීන් සඳහා ද, දෙවන දින ඒවායේ සෙසු නිලයින් සඳහා ද පවත්වනු ලැබීය.

මේ සදහා නිලධාරීන් 143 ක් සහ සෙසු නිලයින් 455 ක් සහභාගි වූහ.

මෙම දෙදින වැඩමුළුවේ දේශන ප්‍රවීණ අධ්‍යාපනවේදි, දේශක සහ පුහුණුකරු, උපදේශක මෙන්ම ‘Peak Performance’, ‘Mind Body Wellness’, ‘Family Enrichment’, ‘Character Building’ සහ ‘Personal Effectiveness’ යන කෘති රචිත නාලක හේවාමද්දුම මහතා විසින් පැවැත්විය.

මෙම වැඩමුළු ඉතා අධ්‍යාපනික මෙන්ම රසවත් වූ අතර, මෙහි පළමු වැඩමුළුවේ දී ‘Mindful Leadership’ තේමාව යටතේ ද, දෙවන දින ‘Secrets of Success’, ‘Happy Life’, ‘Well Being’ සහ ‘Achieving Goals’ යන තේමාවන් යටතේ ද පවත්වන ලදි.

මෙම වැඩමුළුවේ පළමු දිනයේ දී නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම වැඩසටහන සඳහා එක්ව සිටියහ.

Best jordan Sneakers | Men Nike Footwear