Header

Sri Lanka Army

Defender of the Nation

26th December 2016 16:41:04 Hours

66 වන සේනාංකයෙන් ගර්භනි මව්වරුන් වෙනුවෙන් වැඩසටහනක්

66 වන සේනාංකය විසින් එහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පටිවලානගේ මඟපෙන්විම යටතේ නත්තල් උත්සවයට සමගාමිව පුනරින් ප්‍රදේශයේ ගර්භනි මව්වරුන් වෙනුවෙන් සිකුරාදා (23) දින විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

පුනරීන් ශ්‍රී විග්නේශ්වරා විද්‍යාලයේ පැවති උත්සවයක දී ගර්භනි මව්වරුන් 25 දෙනෙකු වෙත ත්‍යාග පාර්සල් ලබාදුන් අතර, ඒවායෙහි බේබි සබන්, රෙදි කටු, ගර්භනි ඇඳුම්, නැපි කට්ටල, සුවඳ විලවුන් බෝතල්, පියර, බේබි ක්‍රිම්, බේබි රබර් ෂිට්, කුඩා වතුර බේසම්, විශාල ප්‍රමාණයේ කුඩා ළමුන්ගේ පින්තූර, නාන ඇඳුම්, මඳුරු දැල්, තේ පැකට්, ඇතුලත් විය. මෙම එක් පාර්සලයක වටිනාකම රුපියල් 3000 ක් විය.

66 වන සේනාංකය විසින් ප්‍රදේශයේ ප්‍රජා සත්කාර සහ සංහිදියාව ප්‍රවර්ධන කිරීම සහ අඩුආදායම් ලාභී පවුල්වල ළදරු මරණ අනුපාතය අවම කිරීම මෙහි අරමුණ වේ.

මෙම අවස්ථාව සඳහා 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පටිවලාන ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, පුනරින් ප්‍රාදේශීය ලේකම් එස්. ක්‍රිෂේන්ද්‍රන් මහතා ද මෙම අවස්ථාවට එක්විය.

මෙහිදි පුනරින් රෝහලේ වෛද්‍ය රොබින්සන් මහතා විසින් රැස්ව සිටි ගර්භනි මතාවන් දැනුවත් කිරීමේ දේශනයක් ද පැවැත්විය.

මෙම වැඩසටහන අවසානයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් රැස්ව සිටි පිරිස සමඟ සුහඳ පිළිසඳරක ද නිරත විය.

66 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආගමික නායකයින්, පුනරින් සහ වෙරවිල් රෝහල්වල වෛද්‍ය සහ මාතෘ සායනවල කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

Authentic Nike Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov