Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2016 10:42:55 Hours

යුද හමුදා පාපන්දු කණ්ඩායම ඉන්දියානු කණ්ඩායම සමඟ සුහද තරගයක

යුද හමුදා ක්‍රීඩා කණ්ඩායම් හුවමාරු තරඟ සංචාරය යටතේ ඉන්දීය පාපන්දු කණ්ඩායම සමග ඉන්දියාවේ කල්කටා නුවරදී දෙසැම්බර් මස 19 සිට 21 දින දක්වා පැවැත්වෙන සුහද පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකා යුද හමුදා පාපන්දු කණ්ඩායම සහභාගි වේ.

ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමෙහි සාමජිකයින් 20 දෙනෙකු සුහද තරගාවලි දෙකක් සඳහා සහභාගිවීමට (18) වන දින පෙරවරුවෙහි ඉන්දියාව බලා පිටත් විය.

ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම, ඉන්දීය යුද හමුදා නිල් කණ්ඩායම සහ කොළ කණ්ඩායම අතර සුහද තරග දෙකක් සඳුදා (19) සහ බදාදා (21) කල්කටා නුවර ගාවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

යුද හමුදා පාපන්දු සංගමයේ සභාපති බ්‍රිගේඩියර් එච්.ඩී.ඩබ්ලිව් කාරියවසම් පැවත්වීමට නියමිත පුහුණු වාර සඳහා ද එක්වීමට නියමිතය.

මේ වන විට යුද හමුදාපතිතුමාගේ අදහසක් මත පකිස්ථානු යුද හමුදා හොකී කණ්ඩායම සහ ඉන්දියන් වොලි බොල් කණ්ඩායම අතර යුද හමුදා ක්‍රීඩා කණ්ඩායම් හුවමාරු තරග පැවැත්වීම තුලින් ශ්‍රී ලංකා යුද හමුදාව මනා සබදතාවයක් ගොඩනගා ගෙන ඇත.

Sportswear free shipping | FASHION NEWS