Header

Sri Lanka Army

Defender of the Nation

15th December 2016 08:52:07 Hours

තවත් දෙමළ භාෂා පාඨමාලාවක් අවසන් වේ

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහගේ උපදෙස් මත එම බලප්‍රදේශයේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් තුල දෙමළ භාෂා දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් 621 බලසේනාව විසින් සංවිධානය කළ දෙමළ භාෂා පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය සඳුදා (12) දින 621 බලසේනා දේශන ශාලාවේ දී පවත්වන ලදි.

ඔක්තෝබර් මස 17 සිට දෙසැම්බර් මස 07 දක්වා පැවැත් වූ මෙම පාඨමාලාව සඳහා යුද හමුදා සාමාජිකයින් 24 දෙනෙක් සහභාගි වූහ.

මෙම සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති නියෝජනය කරමින් සහභාගි වූ 62 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික ලුතිතන් කර්නල් එස්.ඒ.එන්.ඩි. එදිරිසිංහ විසින් සහභාගි වූවන් වෙත සහතිකපත් පිරිනැමිම සිදු කරන ලදි.

තවද මෙහිදි පාඨමාලාව හැදැරූවන් විසින් ඔවුන් ලබාගත් දැනුම විදහා දක්වමින් විශේෂ නාට්‍යක් සහ ගීතයක් ද ඉදිරිපත් කළහ.

මෙම අවස්ථාව සඳහා 621 බලසේනාවේ බලසේනාධිපති (වැඩබලන) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.

bridge media | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival