Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2016 15:02:47 Hours

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් චන්න ගුණතිලක රාජකාරි භාරගනි

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් එච්.සී.පී. ගුණතිලක සිකුරාදා (16) දින සිය කාර්යාලයේ දී රාජකාරි භාරගන්නා ලදි.

මෙම තනතුරට පෙර මේජර් ජෙනරාල් එච්.සී.පී. ගුණතිලක නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කරන ලද අතර, දින කිහිපයකට පෙර යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගිය මේජර් ජෙනරාල් යූ.ඒ.බී. මැදවලගේ තනතුරට ඔහු පත් කෙරිනි.

මෙහිදි නව මාණ්ඩලික ප්‍රධානි විසින් සංකේතාත්මකව නිල ලේඛණවලට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි භාර ගත් අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් ද එක්ව සිටියහ.

jordan Sneakers | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify