Header

Sri Lanka Army

Defender of the Nation

15th December 2016 08:52:40 Hours

යුද හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් රේනක උඩවත්ත පත් කෙරේ

යුද හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් රේනක වී. උඩවත්ත පත් කරන ලද අතර, යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් වූ මේජර් ජෙනරාල් චන්න ගුණතිලක දැරූ තනතුරට ඔහු පත් කෙරිනි.

ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ මේජර් ජෙනරාල් රේනක වී. උඩවත්ත යුද හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කිරීමට පෙර මූල්‍ය කළමණාකරන ශාඛාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කරන ලදි.

1962.07.31 වන දින උපත ලද මේජර් ජෙනරාල් උඩවත්ත පිළියන්දල කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරන ලදි. ඉන් අනතුරුව 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ඨ ලෙස සමත් වූ හෙතෙම කොළඹ 07, රාජකීය විද්‍යාලයට ඇතුලත්වීම දුර්ලභ අවස්ථාව උදාකර ගනු ලැබීය.

1981 අගෝස්තු මස 31 වන දින කෙඩෙට් නිලධාරීයෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය බලසේනාවට බැඳී දියතලාව යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයෙන් මුලික පුහුණුව හදාරන ලදි. 1982 ජුලි මස 18 දින දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායට ඇතුලත්විය.

මෙම තනතුරට පත්වීමට පෙර හෙතෙම යුද හමුදා මුලස්ථානයේ යුධෝපකරණ සේවා අධ්‍යක්ෂ ලෙසත්, වත්කම් කළමණාකරණ අධ්‍යක්ෂක ලෙසත් කටයුතු කරන ලදි.

එසේම ඔහු සිය යුද හමුදා ජීවිතයේ දී දේශීය මෙන්ම විදේශීය පාඨමාලා රැසක් හදාරා ඇත. ඒ අනුව, තරුණ නිලධාරී පාඨමාලාව - ඉන්දීයාව, ආරක්ෂක ප්‍රසම්පාදන පාඨමාලාව - පාකිස්ථානය, වෙඩි ද්‍රව්‍ය කාර්මික නිලධාරී පාඨමාලාව - පකිස්ථානය, උසස් යුධෝපකරණ කළමණාකරණ පාඨමාලාව - ඉන්දීයාව, මාණ්ඩලික නිලධාරී පාඨමාලාව - බංගලදේශය, එක්සත් ජාතීන්ගේ භකාස පාඨමාලාව - ඉතාලිය සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක කළමණාකරණ පාඨමාලාව - ඉන්දීයාව යන රටවල් හී විදේශීය පාඨමාලවන් හදාරන ලදි.

මීට අමතරව, රත්මලාන පිහිටි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් 2008 වර්ෂයේ දී “දර්ශනපති” උපාධිය හදාරා ඇති අතර, එම විශ්වවිද්‍යාලයෙන්ම “දර්ශනශූරි” ආචාර්ය උපාධිය ද හදාරමින් සිටියි.

එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් යුධෝපකරණ කර්මාන්තශාලා සංචාරය (පකිස්තානය), සන්නද්ධ රථ ප්‍රසම්පාදන/පතුරොම් පරික්ෂා කිරීමේ සංචාරය (රුසියාව,ස්ලෝවැකියාව), පතුරොම් පරික්ෂා කිරීමේ සංචාරය (සිංගප්පුරුව), එක්සත් ජාතීන්ගේ “Conference on Contingent Owned Equipment (COE)” සැසිවාරයේ ශ්‍රී ලාංකීක දුත පිරිස් ප්‍රධානී (ඇමරිකා එක්සත් ජනපදය - 2011 වසර), 2011 වසරේ පවත්වන ලද ලෝක ආරක්ෂක හමුදා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ජූඩෝ කණ්ඩායමේ නියෝජ්‍ය කළමණාකරු ලෙස සහභාගි විම (බ්‍රසීලය), PASOLS – 41 සමුළුව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරිම (ඕස්ට්‍රේලීයාව), එක්සත් ජාතීන්ගේ “Conference on Contingent Owned Equipment (COE)” සැසිවාරයේ ශ්‍රී ලාංකීක දුත පිරිස් සාමාජික (ඇමරිකා එක්සත් ජනපදය - 2014 වසර) සහ 2014 වසරේ ජූලි මාසයේ දී යුද හමුදා ජනපද/ජනඅවන්හල් දෙපාර්තමේන්තු අධ්‍යයන සඳහා ඉන්දීයාවේ යුද හමුදා මුලස්ථානයේ සංචාරය කරන ලද ශ්‍රී ලංකා යුද හමුදා දුත පිරිසේ ප්‍රධානියා වශයෙන් ද සහභාගි වී ඇත.

තවද ඔහු සිය 34 වසරක යුද හමුදා කාලය තුල දී ඝණය භාර නිලධාරී මුලික යුධෝපකරණ ගබඩාව - පනාගොඩ, නිලධාරී අණදෙන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය ගබඩා අංශය - පනාගොඩ, කණ්ඩභාර නිලධාරී - කොමිෂන් නොලත් නිලධාරී ආධුනික පුහුණු පාසල, දියතලාව, විධායක අධිකාර - කොමිෂන් නොලත් නිලධාරී ආධුනික පුහුණු පාසල, දියතලාව, සණය භාර නිලධාරී මුලික යුධෝපකරණ ගබඩාව - පනාගොඩ, නිලධාරී අණදෙන - මඅපග, විධායක අධිකාර - ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය, නිලධාරී අණදෙන - ඉමුයුග, අනුරාධපුර, මාණ්ඩලික නිලධාරී III - භට කාර්ය සම්පාදන අධ්‍යක්ෂ මණ්ඩලය - යුද හමුදා මුලස්ථානය, මාණ්ඩලික නිලධාරී II - භට කාර්ය සම්පාදන අධ්‍යක්ෂ මණ්ඩලය - යුද හමුදා මුලස්ථානය, නිලධාරී අණදෙන - ඉමුයුග, මින්නේරිය, මේජර් (පාලන/භකාස) – 3 වන බලසේනා මුලස්ථානය, මාණ්ඩලික නිලධාරී I - ආරක්ෂක සේනා මුලස්ථානය, යාපනය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (ක්‍රියා) – 52 වන සේනාංක මුලස්ථානය, යාපනය, සේනාවිධායක - මඅපග, මාණ්ඩලික නිලධාරී I - යුධෝපකරණ සේවා අධ්‍යක්ෂ මණ්ඩලය, කර්නල් (පාලන/භකාස) - ආරක්ෂක සේනා මුලස්ථානය, යාපනය, කර්නල් (පාලන/භකාස) - ආසේඅමාවි, මධ්‍යස්ථාන සේනාවිධායක - ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය, අධ්‍යක්ෂ - යුධෝපකරණ සේවා අධ්‍යක්ෂ මණ්ඩලය, අධ්‍යක්ෂ - වත්කම් කළමණාකරණ අධ්‍යක්ෂ මණ්ඩලය, අධ්‍යක්ෂ ජෙනරාල් මුල්‍ය කළමණාකරණ - මුල්‍ය කළමණාකරණ ශාඛාව සහ කර්නල් සේනාවිධායක - ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය ආදි තනතුරු රැසක් හොබවා ඇත.

ඔහුගේ නිකළැල්, විශිෂ්ඨ යුද හමුදා සේවා කාලය තුල නැගෙනහිර මානුෂිය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂිය මෙහෙයුම් පදක්කම, පූර්ණභූමි පදක්කම, උතුරු - නැගෙනහිර සංග්‍රාමික මෙහෙයුම් පදක්කම හා එම සන්ධාරය, 50 වන නිදහස් ස්වර්ණ ජයන්ති පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, යුද හමුදා 50 වන සංවත්සර පදක්කම මෙන්ම සන්නද්ධ සේවා දිර්ඝ සේවා පදක්කම හා එම සන්ධාරය ද හිමිකරගෙන ඇත.

එසේම ඔහු ශ්‍රී ලංකා කළමනාකරණ ආයතනයේ සාමාජිකයෙකි. ශ්‍රී ලංකා සැපයීම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනයේ සාමාජිකයෙකි. 2009 වසරේ සිට මේ දක්වා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරාධිත දේශකයෙකි. තවද, ශ්‍රී ලංකා ජූඩෝ කමිටු සභාපති ලෙස 2009 වසරේ සිට මේ දක්වා කටයුතු කරමින් සිටියි.

affiliate link trace | Air Jordan