Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2016 13:43:35 Hours

ප්‍රධාන බෞද්ධ භික්ෂුන් වහන්සේලා යාපනය ආඥාපති හමුවේ

බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, මාලිගාකන්ද විද්යෝදය පිරිවෙනේ අධ්‍යක්ෂ, කොළඹ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන සංස්කාරක, පූජ්‍ය ආචාර්ය අකුරටියේ නන්දනායක ස්වාමින් වහන්සේ, සාම විනිසුරු (දිවයිනටම), බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, මහා මහින්ද ජාත්‍යන්තර ධර්මදූත සංගමයේ සභාපති, ශ්‍රී ලංකා විද්‍යාලය මහා පිරිවෙන් අධ්‍යක්ෂ, අතුරුගිරිය අභයදර්ශනාරාමයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය නාගොඩ අමරවංශ මහා ස්වාමීන් වහන්සේ සහ විහාර ප්‍රධානී පූජ්‍ය කේ ගුණවංශ ස්වාමින් වහන්සේ යන ප්‍රධාන භික්ෂුන් තුන්නම බදාදා (07) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

එම ස්වාමින් වහන්සේලා තුන්නම ආඥාපතිතුමා විසින් ගෞරව පෙරදැරීව පිළිගැනීමෙන් අනතුරුව යාපනය අර්ධද්වීපය තුල පවතින තත්වය පිළිබඳව පැහැදිලි කරන ලදි.

තවද, එහිදි යාපනය අර්ධද්වීපයේ සන්හිඳියාව ඇති කිරීම සඳහා ආරක්ෂක හමුදා සහාය පිළිබඳවත් සාකච්ජා කෙරිනි.

උතුරු ඉදිරි නඩත්තු පෙදෙසෙ ආඥාපති බ්‍රිගේඩියර් නිර්මාල් කොස්වත්ත ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

buy shoes | FASHION NEWS