Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2016 13:35:41 Hours

තවත් පුහුණු දින වැඩසටහනක් මුලතිව් හි දී

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ සාමාන්‍ය දැනුම වර්ධනය කිරීමේ අදිටනින් බදාදා (7) දින තවත් පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.

මෙම පුහුණු වැඩසටහනේ ප්‍රධාන නිරික්ෂක ලෙස කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එච්.ජී.පී.එම් කාරියවසම් සහභාගි විය.

මෙහිදී 23 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලුතිතන් කාරියප්පෙරුම විසින් ‘Fire Management’ යන මාතෘකාව යටතේ ත්, 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිතන් ඩබ්.ඩබ්.පී.ආර්.කේ ඩයස් විසින් ‘Field Marshal Erwin Rommel’ යන මාතෘකාව යටතේ ත්, දේශන පැවැත්විය.

එමෙන්ම එහිදි 7 වන ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායයේ බලලත් නිලධාරී I, ඒ.ටී. දේවසිංහ විසින් සෙසු නිලයින් සඳහා ‘යුධෝපකරණ ක්‍රියා පිළිවෙත’ පිළිබඳ දේශනයක් ද පැවැත්විය.

best shoes | Sneakers