Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2016 13:31:58 Hours

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක්

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ සහාය ඇතිව මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් දෙසැම්බර් මස 6 සිට 08 දක්වා කොළඹ 05, උද්‍යාන මාවතේ පිහිටි එම කාර්යාලයේ දී පවත්වන ලදි.

සියලුම ආරක්ෂක සේනා මුලස්ථාන නියෝජනය කරමින් එම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා නිලධාරීන් 27 ක් සහභාගි වූහ.

තම මිතුරන් හා අනෙකුත් නිලධාරීන් මත්පැන්, දුම්කොළ හා අනෙකුත් මත් ද්‍රව්‍යවලින් වැලකීම සඳහා සහාය දැක්වීමට සම්පත් දායකයන් ලෙස යුද හමුදා නිලධාරීන් යොදා ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වෙතින් මෙම වැඩසටහනේ දේශන සහාය ලබාදෙනු ලැබීය.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යුද හමුදාපතිගේ මඟපෙන්විමෙන් ආරක්ෂක සේනා මූලස්ථානයන මට්ටමින් පසුගිය මාස කිහිපය තුළ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

jordan Sneakers | Nike sneakers