Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2016 16:08:14 Hours

65 වන සේනාංක නව තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සහ පහසුකම් සහිත ගොඩනැගිල්ල විවෘත කෙරේ

65 වන සේනාංකය යටතේ රාජකාරී නියුතු සියලුම යුද හමුදා සාමාජිකයින්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අදිටනින් නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉදි කරනු ලැබූ නැණ සවිය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සඳුදා (5) දින තුනුක්කායි මල්ලාවි ප්‍රදේශයේ පැවති චාම් උත්සවයක දී විවෘත කරනු ලැබීය.

65 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපි දෙනෙකු විසින් විවෘත කරනු ලැබූ එම නව තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයෙහි ඡායා පිටපත් පහසුකම්, පොත් බැදීම, අන්තර්ජාල පහසුකම් ඇතුළු විවිධ පහසුකම් රැසක් ඉදි කර ඇත.

එම තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමට සමගාමීව ‘MS Word Module’ පිළිබඳව දේශණයක් එම සේනාංක‍යේ සේනාංකාධිපති විසින් කණිෂ්ඨ නිලධාරීන් 12 දෙනෙකු සඳහා පවත්වනු ලැබීය.

එම පහසුකම් සහිත ගොඩනැගිල්ල සේනාංක මූලස්ථානය තුළ ස්ථාපනය කිරීම තුලින් යුද හමුදා කටයුතු සඳහා අවශ්‍යන ඡායා පිටපත් පහසුකම්, පොත් බැදීම, අන්තර්ජාල පහසුකම් ඇතුළු විවිධ පහසුකම් සඳහා වැය වන මුදල අවම වන අතර, එමගින් යුද හමුදා සාමාජිකයින්ගේ කාර්යයන් ද කාර්යක්ෂම ඉටු කර ගැනීම සඳහා පහසුකම් සැලසේ.

එම අවස්ථාව සඳහා 65 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.

Sport media | nike air speed turf rose gold price per gram