Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2016 10:28:46 Hours

9 විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් භාරතිපුරම් බැම්ම අලුත්වැඩියා කරයි

පසුගිය දිනවල කිලිනොච්චි ප්‍රදේශයේ ඇති වූ ගං වතුර තත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ  එම ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා යුද හමුදා භට පිරිස් නිරන්තර සහයෝගය ලබා දුන් අතර, එහිදී පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් විනාශයට පත් වූ කිළිනොච්චි භාරතිපුරම් උසස් පාබල පුහුණු පාසලට නුදුරින් පිහිටි බැම්ම පසුගියදා අලුත්වැඩියා කරනු ලැබීය.

භාරතිපුරම් සහ විනයාගපුරම් මාර්ගයෙහි අති ඇළ මාර්ගයෙහි බැම්ම පැවති වර්ෂාව හේතුවෙන් ගමනාගමනය සඳහා නුසුදුසු තත්වයට පත්ව ඇති බවට තොරතුරු දැනගත් 9 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් අඟහරුවාදා (1) දින එම ප්‍රදේශයේ සිවිල් වැසියන්, ප්‍රදේශයේ බලධාරීන් සහ අයාතනයන්හි සාමාජිකයින් සමඟ එක්ව එම බැම්ම කඩිනමින් අලුත්වැඩියා කරනු ලැබීය.

එම අවස්ථාවේ ක්‍රිෂ්නාපුරම් සිවිල් වැසියන් සඳහා සහයෝගය ලබා දෙන ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් භට පිරිස් සඳහා උපදෙස් ලබා දී ඇත.

Sportswear free shipping | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals