Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2016 10:25:20 Hours

විශ්‍රාමයාමට නියමිත භට පිරිස් වෙනුවෙන් පැවැත් වූ කෘෂිකර්ම සහතිකපත් පාඨමාලාව

සාලියවැව, කලාඔය, යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අධික්ෂණයෙන් යුද හමුදා සේවයෙන් විශ්‍රාමයාමට නියමිත යුද හමුදා සාමාජිකයින් 29 දෙනෙකු වෙනුවෙන් පැවැත් වූ ජෛවගතික හෙළ ගොවිකම් කෘෂිකර්ම සහතිකපත් පාඨමාලාවේ සමාප්ති උත්සවය පසුගිය සිකුරාදා (02) දින එම පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් එම්.ආර්.කේ.ඩබ්.බී. පින්නවලගේ ආරාධනයෙන් මෙම සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 143 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.එස්.සී. පෙරේරා සහභාගි වූ අතර, යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරී අණදෙන ලුතිතන් කර්නල් ජි.ජි.එන්. සමරසිංහ, 6 වන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එම්.කේ.එස්.එස්. ද සිල්වා සහ යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක මේජර් එන්.එම්.එස්.බි. නාරායන ද මීට එක්ව සිටියහ.

මෙම පුහුණු පාඨමාලාව යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අධික්ෂණය යටතේ කන්දකාඩු යුද හමුදා ගොවිපලහි දී පවත්වන ලදි. මෙම සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ඇමතු ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් මෙම පාඨමාලාවේ කාලීන වැදගත්කම හා ලබාගත් දැනුම විශ්‍රාම දිවිය තුල ඵලදායීව යොදාගැනීම පිළිබඳව අවධාරණය කළහ.

Asics shoes | jordan Release Dates