Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2016 11:07:47 Hours

‘පාගමන 2016’ සඳහා කිලිනෙච්චි භට පිරිස් ලබාදුන් සහයෝගය වෙනුවෙන් සංවිධායකයින්ගේ ස්තුතිය

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ යෝජිත පිළිකා වෛද්‍ය ඒකකයේ පහසුකම් සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින්, ‘Colours of Courage Trust (Guarantee) Limited’ විසින් ආරම්භ කළ පේදුරුතුඩුව සිට දෙවුන්දර තුඩුව දක්වා වූ ‘පාගමන - 2016’ සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය ලබාදුන් සහයෝගය පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරමින් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර වෙත ලිපියක් මඟින් දන්වන ලදි.

ඒ අනුව, ‘මෙම සටහන කිලිනොච්චි පා ගමන සමයේ ඔබ සහ ඔබේ කණ්ඩායම විසින් අප වෙත ලබාදුන් සහයෝගය පිළිබඳ අපේ ස්තුතිය ප්‍රකාශ කිරීමට ය. අපගේ හෘදයාංගම ස්තුතිය හා කෘතඥතාවය පිළිගන්වමි. ඔබ සහ ඔබේ කණ්ඩායමේ සහයෝගය නොමැතිව අපට එය සිදු කල නොහැක.’ යනුවෙන් එම ලිපියේ සඳහන් වේ.

අධ්‍යක්ෂ නාදන් සිවගනනාදන් මහතා සහ අධ්‍යක්ෂ සරින්ද උණම්ඹුව මහතා විසින් මෙම ලිපිය අත්සන් කළ ඇති අතර, ‘ඇත්තෙන්ම ජාතියක් වශයෙන් එකමුතුවීම සහ විශ්වාසයන් මත බෙදීම ඉවත් කිරීම සහ ශ්‍රී ලංකිකයන් වශයෙන් ඔවුන්ටම ආවේනික වූ අන් අයට උපකාරී කිරීමේ ගුණය අගය කරමින්’ වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

buy shoes | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp