Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2016 16:26:25 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා නව කර්නල් සේනාවිධායක ලෙස අද (05) දින කොළඹ 15, රොක් හවුස් හි පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයක දී රාජකාරි භාර ගන්නා ලදි.

එහිදි භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමා නව කර්නල් සේනාවිධායක පිළිගත් අතර, අනතුරුව රෙජිමේන්තු වර්ණ ඇතුලත් වූ සම්මාන පෙළපාලියක් ද පිරිනමන ලදි.

එහි පැවති ආගමික වතාවත් වලින් අනතුරුව මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විසින් සභා සාමාජිකයින්, අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය ඉදිරියේ නිල ලේඛණවලට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාර ගනු ලැබීය.

තවද, තේ පැන් සංග්‍රහය, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපනය කිරීම සහ භට පිරිස් ඇමතීම ද මෙදින සිදු කෙරිනි.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩි.ටි ගමගේ සහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එල්.පි.එස්. තිලකරත්න ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

latest Running | Air Jordan