05th December 2016 13:51:16 Hours
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ දමිල කතාකිරීමේ හැකියාව වර්ධනය කිරීමේ අදිටනින් කිලිනොච්චි භාරතිපුරම් උසස් පාබල පුහුණු පාසලේ පවත්වනු ලැබූ තවත් එක් දමිල පාඨමාලාවක් සෙනසුරාදා (3) දින නිමාවිය.
ඔක්තෝබර් මස 24 දින සිට නොවැම්බර් මස 26 වන දින දක්වා පැවති එම පාඨමාලාව සඳහා යුද හමුදා සාමාජිකයින් 26 දෙනෙකු සහභාගි වූහ.
පාඨමාලාවෙහි සමාප්ති උත්සවෙහි දේශණය කිලිනොච්චි ආරක්ෂක සේන මූලස්ථා කර්නල් සම්බන්ධීකරණ කර්නල් පී.ඒ දයානන්ද විසින් සිදු කරනු ලැබීය. එම පාඨමාලාවෙහි ප්‍රතිථල විස්තරය පහතින් දැක්වේ.
සාමාන්‍ය සෙබල ආර්.එම්.එස් කුමාර - ප්‍රථම ස්ථානය
කාන්තා සෙබල කේ.කේ.එන් සපුමලී - දෙවන ස්ථානය
කෝප්රල් එච්.එම්.එස්.එම් රත්නායක - තෙවන ස්ථානය
short url link | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK