Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2016 14:02:49 Hours

‘මැලේරියා මර්ධනය’ පිළිබද 12 වන සේනාංක භට පිරිස් දැනුවත් කෙරේ

‘මැලේරියා මර්ධනය’ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් සිකුරාදා (02) දින හම්බන්තොට පිහිටි 12 වන සේනාංක මුලස්ථානයේ දී පවත්වන ලදි.

එහිදි හම්බන්තොට ප්‍රාදේශීය මැලේරියා මර්ධන ඒකකයෙහි වෛද්‍ය ශ්‍රීයානි ජයවර්ධන මහත්මිය සහ මැලේරියා මර්ධන නිලධාරී බි.එස්.එල්. පිරීස් මහත්මිය විසින් දේශන පැවැත්විය.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්.ඒ. නුගේරාගේ උපදෙස් මත පැවති එම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා නිලධාරීන් දස දෙනෙකු එම වැඩසටහන සඳහා සහභාගි වූහ.

එහිදී පැවති රුධිර පරීක්ෂාව සහ දේශණ සඳහා නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසු නිලයින් 111 දෙනෙකු සහභාගි වූහ.

best shoes | Mens Flynit Trainers