Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2016 10:41:01 Hours

විශ්‍රාම යන මේජර් ජෙනරාල් උභය මැදවල වෙත හමුදා ආචාර

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් උභය මැදවල, හමුදා සේවයෙන් නික්ම යෑම නිමිත්තෙන් සිකුරාදා (02) දින කොළඹ 15, රොක් හවුස් හි පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී නික්ම යාමේ උත්සවයක් පවත්වන ලදි.

මේජර් ජෙනරාල් උභය මැදවල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරෙන් ද 2016 දෙසැම්බර් මස 02 දින නික්ම යන ලදි.

මෙදින උත්සවයේ දී 1 වන විමර්ශන රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායෙහි අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් නාගිත බඹරදෙණිය විසින් මේජර් ජෙනරාල් උභය මැදවල පිළිගත් අතර, භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩි.ටි ගමගේ සහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එල්.පි.එස්. තිලකරත්න ඉදිරියේ මේජර් ජෙනරාල් උභය මැදවල නිල ලේඛණවලට අත්සන් තබමින් සිය තනතුරෙ හි රාජකාරීන් නිල වශයෙන් භාර දෙනු ලැබීය.

එමෙන්ම නික්ම යනු ලැබූ රෙජිමේන්තු අධිපති නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ පැවති සුහඳ තේ පැන් සංග්‍රහය සඳහා ද සහභාගි වූහ.

අනතුරුව මේජර් ජෙනරාල් උභය මැදවල සැමගේ ජය ශ්‍රී මධ්‍යයේ නික්ම යනු ලැබීය.

එමෙන්ම නික්ම යෑම නිමිත්තෙන් නිලධාරීන් සහ එම බලකා සේවා වනිතා ශාඛා සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට නියමිතය.

එම අවස්ථාව සඳහා මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමගින් මන්ත්‍රණ සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.

Asics shoes | Air Jordan Sneakers