Header

Sri Lanka Army

Defender of the Nation

02nd December 2016 18:50:57 Hours

එච්අයිවී ඒඩ්ස් පිළිබඳව කිළිනොච්චි භට පිරිස් සහ සිවිල් වැසියන් දැනුවත් කෙරේ

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු භට පිරිස් සහ සිවිල් වැසියන් සඳහා එච්අයිවී ඒඩ්ස් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් නොවැම්බර් මස 30 වන දින නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

සෑම වසරකම දෙසැම්බර් මස 01 වන දිනට යෙදෙන ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

යුද, නාවික, ගුවන් හා පොලීස් සාමාජිකයින් 412 ක් සහ සිවිල් වැසියන් 252 ක් සහභාගි වූ මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රීත රෝග / ඒඩ්ස් වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය උපදේශක වෛද්‍ය සත්‍යා හේරත් සහ වෛද්‍ය කුමාරි කරුණාරත්න විසින් මෙහෙයවිය. මෙහි සම්බන්ධිකරණ කටයුතු 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භට පිරිස් විසින් සිදු කෙරිනි.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන කර්නල් පාලන හා භට කාර්ය සම්පාදන කර්නල් අයි.පි. කඳනආරච්චි මෙන්ම 57 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් ජි.පී. කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

Nike air jordan Sneakers | Nike nike dunk high supreme polka dot background , Gov