Header

Sri Lanka Army

Defender of the Nation

02nd December 2016 18:09:37 Hours

ආසේමු නැගෙනහිර ඛණ්ඩභාර නිලධාරී තවත් පාඨමාලාවක් නිමා වේ

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කළ ඛණ්ඩභාර නිලධාරී පාඨමාලා අංක 02 සඳුදා (28) දින නිමා විය.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩි.ඩි.යු.කේ. හෙටිආරච්චිගේ උපදෙස් මත නොවැම්බර් මස 12 වන දින ආරම්භ වූ මෙම පාඨමාලාව සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් 23 ක් සහභාගි වූහ.

ඛණ්ඩභාර නිලධාරීන් තුල මාණ්ඩලික රාජකාරීන් පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ සහ වගකිම් සහ කාර්යභාරයන් පිළිබඳ අවබෝධය ඇති කිරීමේ අරමුණින් මෙම පාඨමාලාව පැවැත්විය.

මෙහි සමාප්ති උත්සවය සඳහා බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් යූ.ටි.ඒ. හැන්නදිගේ සහභාගි වූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

latest Nike release | Nike