Header

Sri Lanka Army

Defender of the Nation

27th October 2016 11:06:00 Hours

විහාරස්ථානය අලුත්වැඩියාකිරීම සඳහා 11 වන සේනාංකයේ සහාය

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ භට පිරිස් විසින් සිකුරාදා (21) දින දිගන, අහස් පොකුණ විහාරස්ථානය අලුත්වැඩියා කරන ලදි.

ඒ අනුව අහස් පොකුණ විහාරස්ථාන පැරණි ගොඩනැගිල්ල දින කිහිපයක් තුළ දී අලුත්වැඩියා කිරීම සඳහා යුද හමුදා භට පිරිස් සිය පූර්ණ සහයෝගය ලබාදෙන ලදි.

මේ සඳහා භට පිරිස් දැක් වූ අපරිමිත දායකත්වය පිළිබඳ එම විහාරයේ විහාරාධිපති පූජ්‍ය පිඹුරේ ධම්මදූව ස්වාමින් වහන්සේ විසින් භට පිරිස් වෙත ස්තුතිය ද පුද කළහ.

එහි අලුත්වැඩියා කටයුතුවලින් අනතුරුව මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ සමඟින් 11 වන සේනාංකයේ සේනාංකාධිපති ද විහාරස්ථාන පරිශ්‍රයේ සංචාරය කරන ලදි.

Authentic Nike Sneakers | Nike Air Max 270