Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2016 10:12:55 Hours

සංවත්සර උත්සවය වෙනුවෙන් ප්‍රජා ව්‍යාපෘති රැසක්

හබරන ඉනාමලුව ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංක මූලස්ථානය මගින් 67 වන යුද හමුදා සංවත්සරය සහ යුද හමුදා දිනය (ඔක්තොම්බර් 10) නිමිත්තෙන් ප්‍රජා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී ඉනාමලුව ප්‍රදේශයේ පාසල් සිසුන් වෙනුවෙන් ජල පිරිපහදු ව්‍යාපෘතියක්, ගලේවෙල පාසලක් සඳහා නව සනීපාරක්ෂක සහ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක්, දඹුල්ල වලගම්බා රජමහා විහාරය වෙත පිවිසෙන මාර්ගය පිරිසිදු කිරීම, ඉනාමලුව සෙවණ සරණ වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් සඳහා දිවා ආහාරය ලබා දීම සිදු කළ අතර, අවසානයේ යුද හමුදා සම්ප්‍රදායානුකූල වැඩසටහන් ද පවත්වනු ලැබීය.

53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙම සංවත්සර වැසටහන් සංවිධානය කළ අතර, ප්‍රජා සත්කාර වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලදී.

ගලේවෙල ඉනාමලුව වීර විජය විමලරත්න මහා විද්‍යාලයේ ජල පිරිපහදු ව්‍යාපෘතිය සඳහා දායකත්වය නැසීගිය ජේ ජයසිංහ සහ නැසීගිය සුනන්දා ගාමිණී ජයසිංහ මහත්ම මහත්මීන්ගේ ඥාතීන් විසින් ලබා දුන් අතර, එහි ඉදි කිරීම යුද හමුදා සාමජිකයින් විසින් නොමිලේ සිදු කරන ලදී. එමෙන්ම ගලේවෙල සිල්වත්ගල මහා විද්‍යාල පරිශ්‍රයේ ඉදි කරන ලද සනීපාරක්ෂක සහ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය භට පිරිස් විසින් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී ඉදි කළ අතර, ඒ සඳහා දායකත්වය නැසීගිය ජී.ඊ.එස් සෙනෙවිරත්න මහතාගේ ඥාතීන් විසින් සිදු කරන ලදී.

මේ අතර, යුද හමුදා දිනය නිමිත්තෙන් 53 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත එම භට පිරිස් සහ ගම්වාසීන් එක්ව දඹුල්ල වලගම්බා රජ මහා විහාරයට පිවිසෙන මාර්ගය පිරිසිදු කිරීම් සිදු කළ අතර, ඉනාමලුව සෙවන සරණ වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් සඳහා දිවා භෝජන සංග්‍රයහක් ද ලබා දෙන ලදී.

යුද හමුදා දිනය වෙනුවෙන් පැවති යුද හමුදා වැඩසටහන් වලදී යුද හමුදා ගීතය ගායනා කිරීම යුද හමුදාපතිගේ පණිවිඩය කියවීම සිදු කළ අතර, එම මූලස්ථාන පරිශ්‍රයේ දී සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.මේ සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.

affiliate tracking url | youth nike kd low tops orange , Nike Air Max , Iicf