Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2016 09:55:55 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සඳහා නව කර්නල් සේනාවිධායකවරයෙක්

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නව කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න බ්‍රහස්පතින්දා (13) පැවති චාම් උත්සවයක දී කුරුනෑගල වෙහෙරවත්ත පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී නව ධූරයෙහි රාජකාරී භාරගනු ලැබීය.

මීට පෙර එම ධූරයෙහි කටයුතු කළ මේජර් ජෙනරාල් උදය පෙරේරා ගජබා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධයක ලෙස පත් විය.

නව ධුරයෙහි වැඩ භාර ගැනීම සඳහා පැමිණි මේජර් ජෙනරාල් වික්‍රමරත්න හට කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර, කුරුනෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගනයේ දී සම්මාන ආචාර පෙලපාලියක් ද පිරිනැමීය. අනතුරුව නව කර්නල් සේනාවිධායකවරයා ආගමික ආශිර්වාද ලබා ගනු ලැබීය.

තවද ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවයේ යෙදී සිටියදී දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සිදු කළ අතර, රුක් රෝපණය, සමූහ ඡායාරූපයක් ලබා ගැනීම සහ නිලධාරීන් සහ සෙසු නිලයින් වෙන් වෙන් වශයෙන් ඇමතීම ද සිදු කළ අතර, දිනයේ අවසාන අංගය ලෙස සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්වීය.

Best Sneakers | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival