Header

Sri Lanka Army

Defender of the Nation

13th October 2016 14:20:49 Hours

භට පිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වි ඇති වූ ගිනි මැඩපවත්වයි

ගත වූ පැය 48 තුල දී මොණරාගල සහ බදුල්ල යන දිස්ත්‍රිකයන්හි ප්‍රදේශ හතරක ඇති වූ හදිසි ගිනි, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සහ 12 වන සේනාංකයේ භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (13) උදෑසන වන විට මැඩපවත්වන ලදි.

121 බලසේනාව යටතේ ස්ථාපිත 18 වන ගැමුණු හේවා භට පිරිස් විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ගම්වාසීන්ගේ ද සහාය ඇතිව වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි ඇති මලේ සහ හොරම්බූව ප්‍රදේශවල ඇති වූ ලැව් ගිනි නිවා දැමිම සඳහා කටයුතු කරන ලදි. මේ සඳහා යුද හමුදා සාමාජිකයින් 50 දෙනෙකු පමණ සහභාගි වූහ.

එමෙන්ම, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භට පිරිස් විසින් ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව බෙරගලකන්ද, බ්ලැක්ගුඩ්, බෙරගල, වෑවගල, උඩවිහාරගල හා වෙවරයාලවත්ත යන ප්‍රදේශවල ඇති වු ලැව් ගින්න මැඩපවත්වන ලදි.7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ 25 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් මේ සඳහා දායක විය.

තවද, 111 බලසේනාව යටතේ වන 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා භට පිරිස් විසින් මහනුවර ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවන භටයින් සමග එක්ව බදාදා (12) දින උඩපළාත ගම්පොල වත්තල ප්‍රදේශයේ ඇති වූ ගින්න මැඩපවත්වන ලදි.

මිට අමතරව , 111 බලසේනා මුලස්ථානයේ රාජකාරි කරන 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් මහනුවර ගිනි නිවන භටයින් සමඟ එක්ව බදාදා (12) දින හතරලියැද්ද, අලකොළමඩිත්ත ප්‍රදේශයේ හදිසියේ ඇති වූ ගින්නක් මැඩපැවැත්විමට කටයුතු කර ඇති අතර, ඒ සඳහා යුද හමුදා සාමාජිකයින් 33 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වූහ.තවද මෙම ගින්න හේතුවෙන් අක්කර 100 ක් පමණ විනාශයට පත්ව ඇත.

trace affiliate link | youth nike kd low tops orange , Nike Air Max , Iicf