Header

Sri Lanka Army

Defender of the Nation

21st September 2016 14:12:13 Hours

නික්ම යන මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිතුමා වෙත ආචාර

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ 5 වන ආඥාපති ලෙස රාජකාරි කළ මේජර් ජෙනරාල් ඒ.පි.ද ඉසෙඩ් වික්‍රමරත්න එම ධූරයෙන් සමුගැනීම සංකේතවත් කරමින් ඔහු වෙත පසුගිය දා එම පරිශ්‍රයේ දී 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙලපාලියක් පිරිනමන ලදි. මේජර් ජෙනරාල් ඒ.පි.ද ඉසෙඩ් වික්‍රමරත්න මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති තනතුරෙන් නික්මයාමෙන් අනතුරුව යුද හමුදා මුලස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස රාජකාරි කරනු ලැබේ. එහිදි නික්ම යන ආඥාපති විසින් එම මුලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සියලු නිලයින් ඇමතු අතර, ඔවුන් තමා වෙත ලබාදුන් සහයෝගය පිළිබඳ ස්තුතිය ද පුද කළහ. මෙම අවස්ථාව සඳහා 11 වන සේනාංකයේ සහ සහ 12 වන සේනාංකයේ සේනාංකාධිපතිවරුන්, 111, 112, 121 සහ 122 බලසේනාහි බලසේනාධිපතිවරුන්, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු අණදෙන නිලධාරීන් මෙන්ම අනෙකුත් නිලධාරීන් ද සහභාගි වූහ.affiliate link trace | Nike sneakers