Header

Sri Lanka Army

Defender of the Nation

15th September 2016 20:49:37 Hours

රණවිරු ඇපරල් සේවකයින් ධර්ම දේශණයකට සවන් දෙයි

යක්කල පිහිටි රණවිරු ඇපරල්ස් ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් සේනක දසනායකගේ උපදෙස් අනුව එම භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබූ කවි බණ ධර්ම දේශණය අඟහරුවාදා (6) දින පැවැත්විය. මෙම ධර්ම දේශණය ආරම්භයේ දී යුද්ධයේ දී මිය ගිය රණවිරුවන්, සේවයේ නියුතු යුද හමුදා සාමජිකයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය වෙත ආශිර්වාද සිදු කරනු ලැබීය. කඩුගන්නාව ශ්‍රී සුසිල මහා පිරිවෙනේ පූජ්‍ය මැදිරිගිරියේ නාගිත ස්වාමින් වහන්සේ විසින් ඉතා රසවත් කවි බණ දේශණයක් පවත්වනු ලැබීය. සේනාවිධායක, නියෝජ්‍ය සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, සිවිල් කාර්ය මණ්ඩලය සහ පවුල්වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. latest jordans | Mens Flynit Trainers