Header

Sri Lanka Army

Defender of the Nation

05th September 2016 21:31:39 Hours

කිළිනොච්චි කනිෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා වැඩමුළුවක් සංවිධානය කරයි

කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟ පෙන්වීම යටතේ එම මූලස්ථානය යටතේ රාජකාරී නියුතු කනිෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා සිව් දින නායකත්ව වැඩමුළුවක් අගෝස්තු මස 22 දින 21 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකක මූලස්ථානයේ දී පවත්වනු ලැබීය. 65 වන සේනාංකයෙහි සේනාංකාධිපතිගේ අධීක්ෂණය යටතේ එම වැඩමුළුව පවත්වනු ලැබීය. අගෝස්තු මස 27 වන දින දක්වා පැවති එම වැඩමුළුව සඳහා කනිෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 62 කු සහභාගි වූහ. මෙම වැඩමුළුව තුලින් නායකත්ව ප්‍රතිපත්තීන්, අධිකාරී නොලත් නිලධාරීන්ගේ වගකීම් සහ භට පිරිස් සඳහා වූ සේවා රෙගුලාසි යන කරුණු පිලිබඳව දැනුවත් කරනු ලැබීය. Running sports | Nike Air Max 270