Header

Sri Lanka Army

Defender of the Nation

12th August 2016 18:09:51 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංවිධායකත්වයෙන් තවත් වැඩමුළුවක්

ශ්‍රී ලංකා ජීවත්වීමේ කලාව පිළිබඳ පදනමේ සහාය ඇතිව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අගෝස්තු මස 06 සිට 10 දක්වා ‘ජීවත්වීමේ කලාව සහ පෞර්ෂ වර්ධනය’ යන මැයෙන් වැඩසටහනක් කිලිනොච්චි නෙළුම් පියසේ දී පවත්වන ලදි. යුද හමුදා භට පිරිස් අතර විශ්වාසීභාවය, අවස්ථානුකූලව මුහුණදීමේ හැකියාව, සරල සහ ප්‍රිතීමත් ජීවිතයක් පවත්වාගෙනයාම අරමුණු කරගෙන මෙම වැඩමුළුව පැවැත්විය. මෙම වැඩමුළුව යුද හමුදාපතිතුමාගේ මගපෙන්වීමෙන් මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සමිබන්ධිකරණයෙන් සිදු කෙරිනි. ජීවත්වීමේ කලාව පිළිබඳ පදනමේ කිෂන් ගෝපාල් මහතා සහ ලංකා ජයසේකර මහතා විසින් මෙම වැඩමුළුව මෙහෙයවිය. කිලිනොච්චි ප්‍රදේශයේ රාජකාරියේ නියුතු නිලධාරීන් 10 ක් සහ සෙසු නිලයින් 20 ක් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 30 ක් මේ සඳහා සහභාගි විය.url clone | nike fashion