Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2016 20:36:52 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන සෙසු නිල ඉංග්‍රීසි භාෂා පාඨමාලාව අවසන් වේ

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් තුල ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මුලික දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පැවැත් වූ සෙසු නිල ඉංග්‍රීසි භාෂා පාඨමාලාව පසුගිය ඉරිදා (07) දින අවසන් විය. නොකඩවා 4 වන වරටත් සංවිධානය කළ මාස 4 ක් පුරා පැවැති මෙම ඉංග්‍රීසි භාෂා පාඨමාලාව මැයි මස 02 වන දින ආරම්භ කළ අතර, ඒ සඳහා සෙසු නිලයින් 30 දෙනෙක් සහභාගි විය. මෙහි සමාප්ති උළලේ දී ඔවුන් වෙත සහතික පත් පිරිනැමිම ද සිදු කෙරිනි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩි.ඒ. කරුණාසේකර විසින් පාඨමාලාවේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගත් අයවලුන් වෙත සහතික පත් ප්‍රදානය කළ අතර, එහිදි සෙසු නිලයින්ගේ හැකියාවන් අගය කරමින් ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ඔවුන් දිරිගැන්වීමක් ද සිදු කළහ. කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, කර්නල් පාලන හා භට කාර්ය සම්පාදන, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන් මෙන්ම මාණ්ඩලික නිලධාරීන් ද මෙම උත්සව අවස්ථාව සඳහා එක්ව සිටියහ. එම ජයග්‍රහකයින් පිළිබඳ පහතින් දැක්වේ. ප්‍රථම ස්ථානය :- ආධුනික කාන්තා සෙබල ඩි.එම්.පී.එම්. දසනායක - 6 (සෙව්) ශ්‍රීලයුකාබ දෙවන ස්ථානය :- සාමාන්‍ය සෙබල ඩි.එම්.එන්.සී. දිසානායක - 4 ශ්‍රීලයුසේබ තෙවන ස්ථානය :- සාමාන්‍ය සෙබල එච්.ඒ.ටි.පි. චතුරංග - 5 ශ්‍රීලයුපොහේබNike shoes | Nike - Shoes & Sportswear Clothing