Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2016 19:58:31 Hours

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා නව කර්නල් සේනාවිධායක සිය ධූරයෙහි රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායෙහි දෙවන කාන්තා කර්නල් සේනාවිධායක ලෙස පත් වූ බ්‍රිගේඩියර් ඩී.ටී.එන් මුණසිංහ විසින් ආගමික ආශිර්වාද මධ්‍යයේ බ්‍රහස්පතින්දා (4) දින සිය ධූරයෙහි රාජකාරී භාර ගත් අතර, ඒ වෙනුවෙන් බොරැල්ල පිහිටි කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී චාම් උත්සවයක් ද පැවැත්විය. කාන්තා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල්.පී.ආර් ප්‍රේමලාල් විසින් එහි පැමිණි බ්‍රිගේඩියර් මුණසිංහ පිළිගත් අතර, අනතුරුව කාන්තා බලකා සෙබලියන් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙලපාලියක් ද ඇය වෙත පිරිනමන ලදි. තවද, එහිදි නව කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් මුණසිංහ විසින් කාන්තා බලකා සෙබලුන් ඇමතීම ද, කඳවුරු පරිශ්‍රයේ පැවති සියලු නිලයින් සඳහා තේ පැන් සංග්‍රහයකට සහභාගිවීම ද සිදු කෙරිනි. කාන්තා බලකා කර්නල් සේනාවිධායක ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් ආර්. රත්නසිංහම්ගේ එම තනතුර සඳහා බ්‍රිගේඩියර් මුණසිංහ පත්විය.buy footwear | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!