Header

Sri Lanka Army

Defender of the Nation

01st August 2016 12:58:02 Hours

65 වන සේනාංක ක්‍රීඩා තරඟාවලිය අවසන් වේ

65 වන සේනාංකයේ භට පිරිස් විසින් එම සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත භට පිරිස් තුල ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ජුලි මස 16 සිට 26 දක්වා ක්‍රීඩා තරඟාවලියක් සංවිධානය කරන ලදි. ඒ අනුව බැඩ්මින්ටන් තරගාවලියේ මූලික වටයේ තරඟ ජූලි 16 සිට 23 දක්වා පැවැත් වූ අතර ඒ සඳහා බැඩ්මින්ටන් කණ්ඩායම් 10 ක් සහභාගී විය. එහිදි අවසන් වටය සඳහා තේරී පත් වූ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා බැඩ්මින්ටන් කණ්ඩායම සහ 1 වන ගජබා රෙජිමේන්තු බැඩ්මින්ටන් කණ්ඩායම අතුරින් 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා බැඩ්මින්ටන් කණ්ඩායම වෙත ශුරතාවය හිමිවිය. එහිදි පැවැත් වූ පැසිපන්දු තරඟාවලිය සඳහා යුද හමුදා කණ්ඩායම් 12 ක් තරඟ කළ අතර, 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම වෙත ශුරතාවය හිමිවිය. 15 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම පරදා තරඟ වැදුණු 11 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම එල්ලේ තරඟාවලියේ ශුරතාවය හිමිකර ගැනීමට සමත්විය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 651 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එම්.ආර්. අබේසිංහ සහභාගි වූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.Sports brands | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!