Header

Sri Lanka Army

Defender of the Nation

08th July 2016 19:44:00 Hours

කරනානිලයම් කාන්තා හා ළමා නිවාසය වෙත දිවා ආහාරය සහ ත්‍යාග පාර්සල් පිරිනැමේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන 7 වන සංවත්සර සැමරුම් වැඩසටහනේ තවත් එක් අංගයක් ලෙස පසුගිය බ්‍ර‍හස්පතින්දා (07) දින කිලිනොච්චි කරනානිලයම් කාන්තා හා ළමා නිවාසයේ සාමාජිකාවන් වෙත දිවා ආහාරය සහ ත්‍යාග පාර්සල් පිරිනමන ලදි. එහිදි කාන්තා හා ළමා නිවාසයේ භාරකරු වන කිලිනොච්චි ලංකා සභාවේ එස්.කේ. ඩැනියෙල් පුජකතුමා විසින් මෙහි පැමිණි කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර පිළිගන්නා ලදි. එහි දි කිලිනොච්චි ආඥාපති විසින් මෙම නිවාසයේ සිටින පාසල් සිසුන් 27ක්, විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටියන් 20 ක් සහ එහි සේවය කරන සිවිල් කාර්ය මණ්ඩලය සමඟ ද සුහඳ කතාබහක ද නිරත විය. කිලිනොච්චි ආඥාපති මෙන්ම නිලධාරින් සහ සෙසු නිලයින් විසින් ඔවුන් වෙත ත්‍යාග පාර්සල් ලබාදීමට ප්‍ර‍ථම රසවත් දිවා ආහාර වේලක් පිරිනැමිම ද සිදු කරන ලදි.url clone | Nike Shoes