Header

Sri Lanka Army

Defender of the Nation

08th July 2016 19:37:15 Hours

ධාර්මික සංකල්ප වැඩිදියුණු කිරීමේ අරමුණින් ධර්ම දේශනාවක්

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස්. විතානගේ ගේ උපදෙස් පරිදි මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් තුල ධාර්මික සංකල්ප වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉදිරි නඩත්තු පෙදෙසෙ නිලධාරින් සහ සෙසු නිලයින් විසින් පසුගිය බදාදා (06) දින ධර්ම දේශනාමය වැඩසටහනක් සංවිධානය කළ අතර, එය එම ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍ර‍වණාගාරයේ දී පවත්වන ලදි. එහි වැඩම කළ සිංහපුර භාවනා මධ්‍යස්ථානාධිපති අති පූජ්‍ය අඹගමුවේ සංචුත ස්වාමින් වහන්සේ විසින් ධර්ම දේශනාව සිදු කළ අතර, රටට, යුද හමුදාවට සහ සියලුම යුද හමුදා සාමාජිකයින්ට ආශිර්වාද පැතීමත්, යුද්ධයේ දී මියගිය යුද හමුදා සාමාජිකයින්වෙත පිං පැමිණවීම ත් එහිදි සිදු කෙරිනි. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ඉදිරි නඩත්තු පෙදෙසෙ වැඩබලන ආඥාපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.best Running shoes brand | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD