Header

Sri Lanka Army

Defender of the Nation

28th June 2016 14:29:24 Hours

‘මත් ද්‍ර‍ව්‍ය’ උවදුර පිළිබඳව නාට්‍යානුසාරයෙන් භට පිරිස් දැනුවත් කෙරේ

යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත ජාතික මත්ද්‍ර‍ව්‍ය නිවාරණ මාසය වෙනුවෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් සඳහා ‘මතින් නිදහස් රටක්’ මැයෙන් මත්ද්‍ර‍ව්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ විනෝදාත්මක වැඩසටහනක් පවත්වන ලදි. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිගේ මඟපෙන්විම යටතේ සිය දක්ෂතා විදහා දක්වමින් මත්ද්‍ර‍ව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳ නාට්‍ය හා විනෝදාත්මක වැඩසටහන් මාලාවක් මෙහිදි ඉදිරිපත් කරන ලදි. මෙම අවස්ථාවට විශාල භට පිරිසක් සහභාගි වූ අතර, එහිදී සිදුකළ දේශනවලට සවන් දීමෙන් මත් ද්‍ර‍ව්‍ය නිවාරණය පිළිබඳව ද දැනුවත් වූහ. මෙම නාට්‍ය අතුරින් මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස වෙතින් ඉදිරිපත් කළ නාට්‍ය ප්‍ර‍ථම ස්ථානය හිමි වූ අතර, ඔවුන් සඳහා මෙන්ම පවත්වන ලද රචනා තරඟයේ පළමු හා දෙවන ස්ථාන ලබා ගත් ජයග්‍ර‍හකයින් වෙත ද සහතික පත් පිරිනැමිම මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස්. විතානගේ විසින් සිදුකෙරිනි. මෙම නාට්‍ය තරඟ මාලාවේ අධික්ෂණ කටයුතු වැලිඔය මහා විද්‍යාලයේ දිස්නා දිල්රුක්ෂි ගුරු මෙනවිය සහ අනෝමා ප්‍රියංගනි ගුරු මහත්මිය මෙන්ම කෝකිලායි විද්‍යාලයේ විදුහල්පති ඩි.ජි.ඊ.එම්. දර්ශන මහතා විසින් සිදු කරන ලදි.affiliate link trace | Nike Shoes