Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2016 13:54:13 Hours

‘රණවිරු ඇපරල්ස් ’පොසොන් සැමරුමට එක්වේ

යක්කල රණවිරු අපරල්ස් ආයතනයෙහි සේවය කරන රණක්ෂිතයට පත් වූ සහ අනෙකුත් යුද හමුදා සාමජිකයින්, අලව්ව ඇගළුම් කර්මාන්ත ශාලා සේවකයින් එක්ව සංවිධානය කරනු ලැබූ පොසොන් ආගමික වැඩසටහන ජුනි මස 16 යක්කල රණවිරු ඇපරල්ස් ආයතන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය. මෙහිදී ධර්මානුශාසනාව මෙහෙයවනු ලැබූ පූජ්‍ය මාවරලේ භද්ධිය හිමි වර්ණවත් පෙරහැරකින් එම අවස්ථාව සඳහා වැඩම කරවනු ලැබූ අතර, පංච ශීලය පිහිටුවීමෙන් පසු ධර්ම දේශණාව පවත්වනු ලැබීය. එහිදී ධර්ම දේශණය අතරතුර දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට සහ සේවයේ නියුතු රණවිරුවන් හට ආශිර්වාද කරනු ලැබීය. එම පුණ්‍ය කටයුත්ත සඳහා රණවිරු අපරල්ස් ආයතනයෙහි සේනාවිධායක සමගින් නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් රැසක් සහභාගි වූහ.Authentic Sneakers | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite