Header

Sri Lanka Army

Defender of the Nation

18th June 2016 18:53:22 Hours

චීන තානාපති යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමා හමුවේ

ශ්‍රී ලංකාවේ චීන තානාපති යිං සියැංග්ලිං මහතා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ සංචාරය කරන අතරතුර බදාදා ‍(15) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන කාර්යාලයේදී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමු විය‍. එහිදී යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමා විසින් රාජ්‍යතාන්ත්‍රිකයින් පිරිස උණුසුම්ව පිළිගත් අතර, එම ප්‍රදේශයේ ආරක්ෂක තත්වය, යුද හමුදාව සහ සිවිල් ජනතාව අතර සම්බන්ධීකරණ කටයුතු සහ යාපනය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් යුද හමුදාව විසින් සිදු කරනු ලබන සුබ සාධන ව්‍යාපෘති පිළිබඳව ද කෙටියෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබීය. එමෙන්ම ආඥාපතිතුමා විසින් ප්‍රදේශයේ ආර්ථික, සෞඛ්‍ය සහ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා යුද හමුදාව දක්වන දායකත්වය පිළිබඳව ද තොරතුරු වැඩිදුරටත් ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී තානාපතිවරයා ආරක්ෂක සේනා ආඥාපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තැබූ අතර පසුව සමරු තිළිණයක් හුවමාරුවක් ද සිදු විය. මෙම සංචාරය සඳහා චීන තානාපතිගේ භාර්යාව වු සියැංග්ලිං මහත්මිය, ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ලි චෙන්ග්ලිං, ආර්ථික උපදේශක වැන්ග් යිංග්කි මහතා සහ ප්‍ර‍ධාන දේශපාලන උපදේශක කිවු සින්ලි මහතා එක් විය.latest jordan Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News