Header

Sri Lanka Army

Defender of the Nation

13th May 2016 19:11:39 Hours

ඉන්දියානු නියෝජිතයින් පිරිසක් යාපනය ආඥාපති හමුවේ

ඉන්දියානු විදේශ සේවා කාර්යාලයේ විශ්‍රාමික විදේශ සේවා නිලධාරී ජී පර්තසාර්ති මහතා සමගින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වන අශෝක් මලික් මහතා අගහරුවාදා (10) දින යාපනය ප්‍රදේශයේ සංචාරය කරන අතරතුර පලාලිහි දී එහි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමු විය. එහි දී පැවති කෙටි හමුවේ දී ආඥාපතිතුමා විසින් යාපනය ප්‍රදේශයේ වත්මන් ආරක්ෂක තොරතුරු සහ එම අර්ධද්වීපයේ සිදුවන සංවර්ධනය පිළිබඳව ද අදහස් දක්වනු ලැබීය. තවදුරටත් අදහස් දක්වමින් යාපනය ආඥාපතිවරයා පැවසුවේ එම අර්ධද්වීපයේ මහජනයා අතර සමගිය, සංහිදියාව වර්ධනයට හා ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය වැඩි දියුණු කිරීමට යුද හමුදාව මගින් විවිධ ව්‍යාපෘති දියත් කරන බවය. මෙම අවස්ථාව සිහිගන්වමින් යාපනය ආරක්ෂ සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානයක විසින් නියෝජිතයින් වෙත සමරු තිළිණයක් ප්‍ර‍දානය කරනු ලැබීය. පසුව ජී පර්තසාර්ති මහතා සමගින් අශෝක් මලික් මහතා විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තබනු ලැබූ අතර, සංහිදියාව වෙනුවෙන් යුද හමුදාව සිදු කරනු ලබන ක්‍රියාපිළිවෙල අගය කළහ .Sneakers Store | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth