Header

Sri Lanka Army

Defender of the Nation

10th May 2016 14:12:52 Hours

යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන සිව්වන ඉංග්‍රීසි පාඨමාලාව නිමා වේ

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ මූලික ඉංග්‍රීසි පාඨමාලා අංක 4 පසුගියදා නිමාවට පත් විය. ඒ සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත බලඇණිවල රාජකාරී නියුතු නිලධාරීන් 30 දෙනෙකු සහභාගි වූහ. එම පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවයෙහි ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වූහ. එහිදී මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ඉංග්‍රීසි භෂව හැදෑරීමේ වැදගත්කම අවධාරනය කරනු ලැබීය. එම පාඨමාලාව සඳහා සහභාගි වූ පාඨමාලාලාභීන් විසින් තම උගත් ඉංග්‍රීසි දැනුම උපයෝගී කරගනිමින් ඉංග්‍රීසි කතා සහ නාට්‍ය ද ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරුන්, යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූ අතර, ලුතිතන් තුෂාර ඇන්තනි, ශ්‍රී රාජකුමාර් මහතා සහ ශිතාර් මහතා උපදේශකවරුන් ලෙස ක්‍රියාකරනු ලැබීය.Running sneakers | Nike Air Max