Header

Sri Lanka Army

Defender of the Nation

10th May 2016 14:10:48 Hours

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි සංචාරයක

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න සිකුරාදා (6) දින දියතලාව 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානයෙහි සංචාරයක නිරත විය. එහිදී 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් එම්.එන්.ජේ පෙරේරා විසින් ආඥාපතිතුමා පිළිගැනීමෙන් අනතුරුව සෙබලුන් විසින් හමුදා සම්ප්‍ර‍දායානුකූලව සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙලපාලියක් පිරිනමනු ලැබීය. 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි ආඥාපතිතුමා කළ සංචාරය සිහිගන්වමින් නා පැළයක් ද රෝපණය කරනු ලැබීය. අනතුරුව 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි අණ දෙන නිලධාරී විසින් එම රෙජිමේන්තුවෙහි කාර්ය භාර්යයන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනු ලැබීය. අනතුරුව මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍ර‍රත්න විසින් භට පිරිස් අමතා සියලු නිල තේ පැන් සංග්‍ර‍ය සඳහා ද එක් විය. සංචාරය අවසානයේ ආඥාපතිතුමා විශේෂ අමුත්තන් සඳහා වු පොතෙහි අත්සන් තැබීමට ද අමතක නොකළහ.Running sport media | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ