Header

Sri Lanka Army

Defender of the Nation

24th April 2016 15:04:28 Hours

මහනුවර සංඥා පාසල සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාව සමරයි

මහනුවර සංඥා පාසලේ නිලධාරීන්, සෙසු නිලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් බදාදා (20) දින එම පාසල් ක්‍රීඩංගනයේ දී බක්මහ උළෙලක් පවත්වනු ලැබීය. සංඥා පාසලෙහි සේනාවිධායක කර්නල් සුගත් රත්නායක විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව බක්මහ උළෙලේ සාම්ප්‍ර‍දායික ජන ක්‍රීඩා ආරම්භ කරනු ලැබීය. එහිදී සංඥා පාසලෙහි කාර්ය මණ්ඩලයෙහි සාමාජිකයින්, නිලධාරීන්, සෙසු නිලයින් මෙන්ම ඔවුන්ගේ භාර්යාවරුන් සහ දුවා දරුවන්ගේ සහභාගිත්වයෙන් පොල් අතු විවීම, අලියාට ඇස තැබීම, කොට්ට පොර සහ මැරතන් ධාවන තරඟය ඇතුළු විවිධ ජන ක්‍රිඩා රැසක් පවත්වනු ලැබීය. සාම්ප්‍ර‍දායික පරිසරයක නිර්මාණය කරනු ලැබූ කෝරලේ මහත්තයා සහ ඔහුගේ බිරිද වන මැණිකේ බක් මහ උළෙල සඳහා නව අරුතක් ලබා දෙනු ලැබීය. අනතුරුව කොරලේ මහත්තයාගේ ආරාධනයෙන් එම නිවසේ සකස් කරන ලද කෑම මේසය සහ ඖෂධ පානය සඳහා සියලු දෙනාම සහභාගි වූහ. මෙම බක්මහ උළෙලේ පැවති තරඟ ඉසව්වලින් ජයග්‍ර‍ණය කළ අයවලුන් හට ත්‍යාග ප්‍ර‍දානය කිරීම සංඥා පාසලෙහි සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආරාධිතයින් විසින් සිදු කරනු ලැබූ අතර, පැමිණ සිටි සියලුම දරුවන් හට ද තාග්‍ය ප්‍ර‍දානය කරනු ලැබීය.best Running shoes | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1