Header

Sri Lanka Army

Defender of the Nation

21st April 2016 10:54:07 Hours

කිලිනොච්චි භට පිරිස් නව අවුරුදු උත්සවයක් සංවිධානය කරයි

සංහිඳියාව සහ සහජීවනය ඇති කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනාව විසින් ඉරිදා (17) දින මුලන්කාවිල් මහජන ක්‍රීඩාංගනයේ දී නව අවුරුදු උත්සවයක් සංවිධානය කළ අතර, සම්ප්‍ර‍දායික සිංහල හා දමිළ ජන ක්‍රීඩා සහ වෙනත් විනෝදාත්මක අංගයන් ද මීට ඇතුලත් විය. 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සරත් වීරවර්ධන මෙම අවුරුදු උත්සවය සංවිධානය කිරිමෙහි ලා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදි. කණා මුට්ටිය බිඳීම, කොට්ටා පොර තරඟය, කඹ ඇදීම, පාපැදි තරඟ, පොල් අතු විවීම, ලිස්සන ගසේ නැගීම, විවිධ ඇඳුම් තරඟය සහ නව අවුරුදු කුමරිය තේරීම ආදි සම්ප්‍ර‍දායික සහ විනෝදාත්මක ඉසව් රැසක් මීට ඇතුලත් විය. කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මෙම අවස්ථාවට ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූවේය. මේ අතර, මේජර් ජෙනරාල් කරුණාසේකර කිලිනොච්චි යුද හමුදා මුලික රෝහලේ සංචාරය කොට එහි නේවාසිකව ප්‍ර‍තිකාර ලබන භට පිරිස්හි සුවදුක් ද විමසා බැලීය. කිලිනොච්චි මූලික යුද හමුදා රෝහලේ අණදෙන නිලධාරි කිලිනොච්චි ආඥාපතිතුමා රෝහල් සංචාරය සඳහා වාට්ටු නිරික්ෂණයට කැඳවාගෙන යනු ලැබීය. එහි දි මේජර් ජෙනරාල් කරුණාසේකර විසින් නව වසර වෙනුවෙන් රෝහල්ගතව සිටි භට පිරිස වෙත ත්‍යාග පාර්සල් ද පිරිනැමිය. ඉන් අනතුරුව ආඥාපතිතුමා තම අණසක යටතේ පවතින 1 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ සහ 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සංචාරයක නිරත වී එහි රාජකාරියේ නියුතු භට පිරිස් සමඟ කතාබහේ ද නිරත විය.Authentic Sneakers | Nike News