Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2016 17:06:47 Hours

මුලතිව් සෙබලුන් හට දේශන සහ තොරතුරු තාක්ෂණ පාඨමාලා

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථාන නිලධාරීන්ගේ බදාදා දිනයන්හි පුහුණුවීම් දින වැඩසටහන බදාදා (30) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍ර‍වණාගාරයේ දී පවත්වනු ලැබීය. එහි දී ‘කඩාකප්පල්කාරී බව’ මැයෙන් දේශනයක් 6 (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකායෙහි මේජර් ඩබ්ලිව්.වී.එස් ද සිල්වා විසින් සිදු කළ අතර, ඒ සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම් හෙට්ටිආරච්චි, බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය බ්‍රිගේඩියර් එස්.ඒ දෙහිවත්ත සමගින් නිලධාරීන් රැසක් සහභාගි වූහ. මේ අතරතුර ‘බලශක්ති සංරක්ෂණ පිළිවෙත්’ පිළිබඳව දේශනය මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය බ්‍රිගේඩියර් ඩී.එස්.ඒ දෙහිවත්ත සහ 16 වන (සෙව්) ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කේ මුණසිංහ විසින් සිදු කළහ. එමෙන්ම මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සේවයේ නියුතු සෙසු නිලයින් සඳහා මසක් පුරා පවත්වනු ලැබූ පරිගණක පාඨමාලාව බ්‍ර‍ස්පතින්දා (31) නිමා විය. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබූ මෙම පාඨමාලාව සඳහා සෙසු නිලයින් 20 දෙනෙකු සහභාගි වූහ. පාඨමාලාවෙහි කුසලතා දැක්වූ අයවලුන් සඳහා පදක්කම් සහ ප්‍ර‍වීණතා සහතිකපක් ප්‍ර‍දානය කරනු ලැබීය.Nike air jordan Sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092