Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2016 21:22:37 Hours

කිළිනොච්චි තොරතුරු තාක්ෂණ පාඨමාලාව නිමාවේ

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සේනාංක, බලසේනා, ඉදිරිනඩත්තු පෙදෙසෙහි සහ ඒකකයන් හි රාජකාරී නියුතු නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ තොරතුරු තාක්ෂණික දැනුම වර්ධනය කිරීමේ අදිටනින් පෙබරවාරි මස 10 වන දින 66 වන සේනාංක තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථායේ දී ආරම්භ කරනු ලැබූ ප්‍ර‍ථම තොරතුරු තාක්ෂණ පාඨමාලාව බ්‍ර‍හස්පතින්දා (17) දින නිමාවට පත් විය. 66 වන සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ කර්නල් එන්.ඩී.පී ජයතිලකගේ සම්බන්ධීකරණය මත Future Step IT Solution (Pvt) ආයතනය වෙතින් පැවැත් වූ මෙම පාඨමාලාව වෙතින් පාඨමාලාලාභීන් 40 දෙනෙකු සහතික පත් ලබාගනු ලැබීය. මෙම පරිගණක පාඨමාලාව සඳහා අවශ්‍ය මානව සම්පත් දායකත්වය “Future Step IT Solution” (pvt) ආයතනය වෙතින් ලබා දෙන ලදී.Nike air jordan Sneakers | Air Jordan