Header

Sri Lanka Army

Defender of the Nation

22nd January 2016 17:54:43 Hours

කිලිනොච්චි ආඥාපතිගේ බලඇණි සංචාරය

මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය ජනවාරි 18 සිට 20 දක්වා දිනයන්හි එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් බලඇණි කිහිපයක සංචාරයක නිරත විය. මේජර් ජෙනරාල් කරුණාසේකර ජනවාරි 18 වන දින බලඇණි සංචාරය ආරම්භ කරමින් පළමුව 20 වන ගජබා රෙජිමේන්තුවට ද පසුව 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට සහ 20 වන (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුව යන රෙජිමේන්තුහි සංචාරය කළ අතර, ජනවාරි 19 සහ 20 යන දිනයන්හි 19 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව, 11වන (සෙව්) ගජබා රෙජිමේන්තුව, 15 වන (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 21 වන (සෙව්) ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව සහ 10 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව යන රෙජිමේන්තු නිරීක්ෂණය කිරීම සදහා සංචාරය කරන ලදි. මෙහිදි එම බලඇණිවල අණදෙන නිලධාරින් ඔවුන් විසින් සිදු කරනු ලබන හමුදා - සිවිල් සම්බන්ධීකරණ කටයුතු ද ඇතුළුව බලඇණි ඉටු කරනු ලබන රාජකාරීන් පිළිබඳව ආරක්ෂක සේනා ආඥාපති දැනුවත් කළේය. අනතුරුව ආරක්ෂක සේනා ආඥාපති බලඇණිහි පරිපාලන ගැටලු පිළිබඳවද සොයා බලන ලදි.Asics footwear | M2k Tekno