Header

Sri Lanka Army

Defender of the Nation

21st January 2016 16:59:25 Hours

ආසේමු බටහිර සෙබලුන් අක්ෂි සායනයක් පවත්වයි

583 බල සේනාවට අයත් 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල යදම්වල ශ්‍රී ස්වර්ණ වාලුකාරාම විහාරයේ දී සිවිල් ජනතාව වෙනුවෙන් අක්ෂි සායනයක් පවත්වනු ලැබීය. බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් මත 58 වන සේනාංකය යටතේ වන මෙම රෙජිමේන්තුව ඉහත වැඩසටහන ක්‍රියාත්මක කලහ. මෙම අවස්ථාවට ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.සී ගුණවර්ධන සහභාගි වූවිය. මෙම සායනය 58 සේනාංකයේ සේනාංකාධිපති සහ 583 බල සේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩගේ අධීක්ෂණය යටතේ වෛද්‍ය නිමල් වීරකෝන් මහතා සමඟින් මහනුවර ඔප්ටිකල් ආයතනය සායනය මෙහෙය වූ අතර, මෙහිදී අක්ෂි රෝගීන් 216 දෙනෙක් වෙත උපැස් යුවල ලබාදුනි. ජ්‍යෙෂ්ඨ නිලධාරින්, 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරි සහ රාජ්‍ය නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙයට පෙර අවස්ථාවල ද 58 සේනාංකය යටතේ වන 583 බල සේනාවේ සෙබලු කෑගල්ල සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පැවැත් වූ අක්ෂි සායන 4 ක දී අක්ෂි රෝගීන් 1598 දෙනෙක් වෙනුවෙන් රු. මිලියන 1.7 ක් වටිනා උපැස් යුවල රාශියක් බෙදාදෙනු ලැබීය. Sports Shoes | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival