Header

Sri Lanka Army

Defender of the Nation

13th January 2016 13:24:12 Hours

බටහිර සෙබලු තවදුරටත් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරති

බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණය යටතේ එහි සෙබලු තෙදිනක් පුරා (ජනවාරි 11 - 13 දක්වා) පැවැත්වීමට නියමිත ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයට සමගාමීව සඳුදා (11) ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. 58 සේනාංකයේ සෙබලු ක්‍රියාත්මක කළ මම වැඩසටහනට ප්‍රදේශයේ ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද එක්ව සිටියහ. එහි දී යුද හමුදා සෙබලු 134 දෙනෙක් මෙම වැඩසටහනට එක් වූ අතර, අම්බලන්ගොඩ, අක්මීමන, හික්කඩුව, බද්දේගම, බෝපේ, හබරාදූව, මාකර නගරය සහ අකුරැස්ස ආදි ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක කෙරිනි. කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක සහ මාවනැල්ල ප්‍රදේශවල ද මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළ අතරථ ඒ සදහා නිලධාරීන් 03 ක් සහ සෙසු නිලයන් 60 කට අධික පිරිසක් එක්ව සිටියහ. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත ජාතික ඩෙංගු මර්දන ඒකකය ක්‍රියාත්මක කරන ඩෙංගු මර්දන ව්‍යාපාරයේ සහය යටතේ මෙය සිදු කෙරේ.Best Nike Sneakers | GOLF NIKE SHOES