Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2024 22:06:54 Hours

24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් මඩකලපුව දිස්ත්‍රික් දිසාපතිනිය හමුවෙයි

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 2024 ජුනි මස 05 දින මඩකලපුව දිස්ත්‍රික් දිසාපතිතුමිය හමුවූ අතර, එහිදී එතුමන් සමාජ සංහිඳියාව, ආගමික සහජීවනය, ප්‍රජා සත්කාරක වැඩසටහන් සහ සිවිල්-හමුදා සබඳතා පිළිබඳව වූ වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

සේනාංකාධිපතිතුමන් සහ මඩකලපුව දිස්ත්‍රික් දිසාපතිනී ජේ.ජේ මුරලිදරන් මහත්මිය එහිදී දිස්ත්‍රික්කයේ ප්‍රජා සම්බන්ධතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් පැන නැගී ඇති විවිධ ගැටළු පිළිබඳව සාකච්ඡා කරමින්, මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමේ ඇති වැදගත්කම පිළිබඳවද අදහස් හුවමාරු කරගත්හ.

මෙම හමුවේදී, ප්‍රදේශයේ හමුදා සාමාජිකයන් සහ ප්‍රජාව අතර ඇති සුහඳතාවය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් සංස්කෘතික වැඩසටහන්, සිවිල්-හමුදා සහයෝගිතා ක්‍රියාකාරකම්, ක්‍රීඩාවන් සහ සුහඳතාවය වර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති විවිධ වැඩසටහන් පිළිබඳවද සාකච්ඡා කරනු ලැබීය.

මෙම අවස්ථාවට 24 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.