11th June 2024 21:19:53 Hours
යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ජූනි මස 05 දින යුද්ධ හමුදා පුහුණු පාසලේ නිල සංචාරයක නිරත විය.
පුහුණු පාසල වෙත සපැමිණි එතුමන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව එම පුහුණු පාසලේ සේනාවිධායකතුමන් විසින් පුහුණු පාසලේ කාර්ය භාරය සහ පුහුණු වැඩසටහන් පිළිබඳව විස්තර ඉදිරිපත් කළේය.
මෙම සංචාරය සනිටුහන් කරමින් අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් පසුව සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. එතුමන් එම පුහුණු පාසලේ මාණ්ඩලික නිලධාරීන් සහ උපදේශකයන් ඇමතීමෙන් අනතුරුව, සේනාවිධායකතුමන් සමඟින් කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.